කුරුවිට ඝාතනයක්

Share

කුරුවිට පොලිස් වසමේ කොක්ඕවිට ප්‍රදේශයේ දී නිවසක සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් නිවසක් තුල අයුතු ලෙස සිරකර තබාගෙන පහරදෙන බවට කුරුවිට පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානය යන විට පහර කෑමට ලක් වූ පුද්ගලයා සිරකරගෙන සිටි නිවස ආසන්නයේ කැලෑබද ස්ථානය දමා ගොස් සිටියදී හමුවී ඇති අතර, පොලිස් නිලධාරීන් විසින් 1990 ගිලන් රථයෙන් රත්නපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වන කොක්ඕවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News