තංගල්ල පොලිස් වසමේ මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්රදේශයේ දී මුහුදේ අනතුරුදායක ස්ථානයක දිය නෑමට ගිය විදේශික කාන්තාවක් හා ඇයගේ පෙම්වතා දියේ ගිලී ඇති බවට තංගල්ල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්රදේශවාසීන් විසින් දියේ ගිලෙමින් සිටි අදාල කාන්තාව හා පුද්ගලයා බේරාගෙන ඇති අතර කාන්තාව ප්රතිකාර සඳහා තංගල්ල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 22 ක් වූ පෝලන්ත ජාතික කාන්තාවකි.



