ආරච්චිකට්ටුව පොලිස් වසමේ මුතුපන්තිය වෙරළ තීරයට දිනක් පමණ වයසැති නාඳුනන පිරිමි බිළිඳු මළසිරුරක් ගොඩ ගසා ඇති බවට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බිළිඳු මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර සිද්ධිය සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.



