රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කඩුවෙල පොලිස් වසමේ හංවැල්ල කොළඹ මාර්ගයේ කඩුවෙල නගරය ආසන්නයේ දී හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (25) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව බියගම රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 50ක් වන රණාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News