වතු නිවාස කිහිපයක ගින්නක්

Share

බදුල්ල පොලිස් වසමේ යුරිවත්ත ප්‍රදේශයේ මාපාගල කොටසේ ඇති කාමර 09 කින් යුක්ත ලැයිමේ, කාමර 07 ක ගින්නක් හට ගෙන ඇති බවට බදුල්ල පොලිසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය, බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් කාමර 09හි පදිංචිව සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන්වී ඇති අතර ජීවිත හානි කිසිවක් නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට අනාවරණය වී ඇති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News