යාපනය පොලිස් වසමේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ දී කාන්තාවක් ළිඳකට වැටී මියගොස් ඇති බවට යාපනය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 34 ක් වූ වන්නර්පන්නෙයි, යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව වසර 05 ක පමණ සිට අපස්මාර රෝගය වැළඳී සිට ඇති බවට අනාවරණය වි තිබෙනවා.



