කටුනායක ගුවන්තොටුපළ පරිශ්රයේ සිට සැක කටයුතු ලෙස පිටවයාමට සුදානම් වූ මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී නීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද ලැප් ටොප් 09ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121ක්, කුඩා ජංගම දුරකථන 100ක්, වාජර් 240ක්, දුරකථන බැටරි 240ක් සහ දුරකථන ඇසුරුම් 240ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 27 හා 46 වයස්වල පසුවන කොළඹ 10 ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



