කාර්තිවු පොලිස් වසමේ දේශිකා අතුරු මාර්ගයේ මුට්ටුකාර් හන්දිය අසල දී කාර්තිවු දෙස සිට නින්දවුර් දෙසට ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගමන්කළ කාන්තාවක යතුරු පැදියෙන් වැටී ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකාරිය නින්දවූර් රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තැනැත්තිය වයස අවුරුදු 71ක් වු සිවම් කෝවිල් පාර, කාර්තිවු ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කාර්තිවු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



