මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රියක් අද කොල්ලුපිටිය ප්රදේශයේ දී පීලි පැන තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
අලුත්වැඩියා කටයුතු නිමවන තෙක් කොළඹින් පිටතට ගමන් කිරීම සඳහා විකල්ප ප්රවාහන ක්රම භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



