කොක්කඩිචෝලය පොලිස් වසමේ පනිච්චඩි මුන්මාරි ප්රදේශයේ දී පුද්ගලයෙකු ගසකින් වැටී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වූ තික්කෝඩය, වෙල්ලාවලි ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා තමාට අයිති ඉඩමක පිහිටි සියඹලා ගසකට නැග ගසේ අතු කපමින් සිටියදී, එහි අත්තක් හිසේ වැදී ගසෙන් බිමට ඇඳ වැටීමෙන් මිය ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



