නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක්

Share

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතියක් හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් වේ.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Read more

Local News