පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

හඟුරන්කෙත පොලිස් වසමේ මැදකුඹුර ප්‍රදේශයේ දී පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට හඟුරන්කෙත පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත ඊයේ (03) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 61ක් වූ මැදකුඹුර, ඉල්ලගොල්ල ලිපිනයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු මියගිය පුද්ගලයාගේ බිරිදගේ සහෝදරයෙකු වන අතර ඔහු මානසික රෝගී තත්ත්වයෙන් පෙලෙන පුද්ගලයෙකු බවත් ආහාර ලබා නොදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් කෝපයට පත්ව මෙම පහරදීම සිදුකර ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News