එරාවූර් පොලිස් වසමේ ආලයඩි දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය වූ ත්රිරෝද රථයක් මඩකලපුව සිට මහව දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු එරාවූර් රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් වන මිරාකේනි, එරාවූර් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



