වැනීසියේ බස් රථයක් පාලමකින් පහළට පෙරළී තිබෙනවා.
මෙම පාලම ගුවන් පාලමක් බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ අතර යුක්රේන ජාතිකයින් 5 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
බස් රථය පෙරළී තිබුණේ මෙස්ට්‍රේ දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයක් අසලටයි.



