වාද්දුව පොලිස් වසමේ ගොරකගහවත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 470ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වූ ගොරකගහවත්ත, වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.



