දුම්රිය හරස් මාර්ගයක සිදුවූ අනතුරකින් තිදෙනෙකුට තුවාල

Share

බේරුවල පොලිස් වසමේ හේනපාර මරක්කලාවත්ත අතුරු මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කළ ත්‍රීරෝද රථයක් අනුරාධපුරය දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ දුම්රියක ගැටී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ අවුරුදු 29 වයසේ පසුවන ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් කල පුද්ගලයෙකු ද, වයස අවුරුදු 07 පිරිමි දරුවෙකු හා 1 1/2 ක ගැහැණු දරුවෙකු ද කම්පන තත්වයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන කළේ.

තුවාලකරුවන් මරක්කලාවත්ත, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News