රිය අනතුරකින් අවුරුද්දක් වයසැති සිඟිත්තෙක් මරුට

Share

කළුබෝවිල ප්‍රදේශයේ දී කොහුවල දෙස සිට දෙහිවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී ත්‍රිරෝද රථය ඉදිරියට ඇදී ගොස් මාර්ගය අසල නිවසක ගේට්ටුවක ද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මව සමඟ දරුවෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති අතර මව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් කාන්තාවක් තුවාල ලබා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය පිරිමි දරුවා වයස අවුරුද්දක් වන යානගම්පල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News