ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදා හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ ඊයේ දින(04) ගුවන් හමුදා මූලස්ථානයේ දී අත්සන් තබා තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම මගින් දෙපාර්ශවය අතර සහයෝගිතාවය වර්ධනය කරගනිමින් ගුවන් සේවා පුහුණුව, ගුවන් සේවා පිළිබද ඉගැන්විම, ගුවන් සේවාවන් හි සියලු අංශයන් වැඩිදියුණු කිරිම මෙන්ම ශක්තිමත් කිරිම හා දේපාර්ෂවය විසින් අනොන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රන් පිළිබද පුහුණුව ලබාදිමට කටයුතු සිදුකිරිමට නියමිතව තිබෙනවා.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තුමන්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුමන්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට අයත් ශ්‍රී ලංකන් ගුවන් විද්‍යාලයේ සාමාන්‍යාධිකාරී තුමන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ආරාධිතයින් පිරිසක් සහභාගී වුණා.

Read more

Local News