අද (06) අලුයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කජුගම ප්රදේශයේ දී අද අලුයම 5ට පමණ එම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
එම අනතුරත් සමගම බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



