පහරදීමකින් මාර්ගයට වැටුණු පුද්ගලයෙක් කන්ටේනරයකට යටවී මරුට

Share

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කිරිවවුල තෝරයාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කන්ටේනර් රථයකට යට වී මියගොස් ඇති බවට දොරටියාව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් පමණ වන දඹුල්ල පාර, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් මත එක් යතුරු පැදිකරුවෙකු විසින් සිදුකළ පහරදීමක දී අනෙක් යතුරු පැදිකරු මාර්ගයේ ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයකට යට වී ඇද වැටුනු පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මෙම පහරදීම සිදුකළ යතුරු පැදිකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර කන්ටේනර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

Read more

Local News