කෑගල්ල පොලිස් වසමේ රංවල හන්දියේ පිහිටි ඇලේ නාඳුනන මළ සිරුරක් ඇති බවට කෑගල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින අතර පිරිමි හෝ කාන්තාවක් ද යන්න සම්බන්ධයෙන් ද අනාවරණය කර ගත නොහැකි තත්ත්වයේ පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



