කැස්බෑව හොරණ මාර්ගයේ හල්පිට ප්රදේශයේ දී හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් කල කාන්තාවක් සහ ඇයගේ දියණිය ගැටී ඊයේ (05) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් දෙදෙනාම තුවාල ලැබා රෝහලට ඇතුලත් කිරීමේ දී කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 38ක් වන පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචිකාරියක්.



