ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අද මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතයි.
මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම රැස්වීමට එක්ව සිටිනවා.



