කොළඹ ගුවන් කතිකාව 2023 ඇරඹෙයි

Share

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සයවන වරටත් සංවිධානය කරනු ලැබු කොළඹ ගුවන් කතිකාව 2023 ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගරු සාගල රත්නායක විසින් අද දින (09) ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව ආරම්භ කර තිබෙනවා.

“ඉන්දියානු සාගර කලාපයේ සාමුහික ගුවන් අරමුණු වර්ධනය කර ගැනිම” තේමාව මුලික අරමුණ කර ගනිමින් ආරමිභ කරනු ලැබු මෙම විද්වත් සමුළුව සදහා එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චිනය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගි වු අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගූණරත්න, විදේශ රටවල්හි මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාපතිතුමන් නාවික හමුදාධිපතිතුමන්, විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීන් ඇතුලූ පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

අද දින ආරම්භ කරනු ලැබු මෙම විද්වත් සමුළුවෙ හෙට දින(10) අවසන් විමට නියමිතයි.

Read more

Local News