යතුරු පැදි අනතුරකින් අවුරුදු 10ක කුඩා දැරියක් මරුට

Share

තලාව පොලිස් වසමේ තලාව වටරවුමේ දී තඹුත්තේගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ඉන්ධන බවුසර් රථයක් එප්පාවල දෙස සිට කරගහවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදියේ පැදිකාරිය සහ ඇගේ දියණිය බරපතල තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේ දී දියණිය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දැරිය වයස අවුරුදු 10ක් වූ කරගහවැව, තලාව ලිපිනයේ පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News