දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



