ගලහ පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේ දී දරුවෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බවට ගලහ පොලිස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භකර තිබෙනවා.
දියේ ගිලී අතුරුදහන්වූ දරුවා වයස අවුරුදු 10 ක් වූ දෙල්තොට ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අතුරුදහන් වූ දරුවා පාසල් නිමවී පාසලේ පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර පංතියකට සහභාගී වී නැවත නිවස බලා පයින් පැමිණෙමින් සිටියදී ජල පහරකට හසු වී ලිට්ල් වැලි ඇල මාර්ගයට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බවට විමර්ශනයේ දී ආනාවරණය වී තිබෙනවා.
පොලිස් ජල කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිව දියේ ගිලී අතුරුදහන් වූ දරුවා සෙවීමේ කටයුතු සිදු කරනු ලබනවා.



