මීරිගම පොලිස් වසමේ පස්යාල මීරිගම මාර්ගයේ පොහොන්නරුව ප්රදේශයේ දී පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් වූ කල්ඵලිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.



