පරණ තංගල්ල මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසල දී පල්ලියමුල්ල දෙස සිට මහනාම පාලම දෙසට ගමන්ගත් පාපැදියක් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පදික පුද්ගලයා තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවට මාතර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 85ක් වූ ගබඩා වීදිය, මාතර ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.



