මහියංගණය බිබිල මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

රිදීමාලියද්ද පොලිස් වසමේ මහියංගණය බිබිල මාර්ගයේ ආඳාඋල්පත ජල පොම්පාගාරය අසල දී බිබිල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඌරණිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහියංගණය රෝහලට මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක්වූ ආඳාඋල්පත, ඌරණීය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News