ඉංගිරිය පොලිස් වසමේ නාගස් හන්දිය ප්රදේශයේ දී පුද්ගලික ඉඩමක සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් සිටින බවට ඉංගිරිය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 80 ක් වූ කදනපිටිය, බෝපේ, පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා පසුගිය (14) වන දින කොණ්ඩය හා රැවුල් කැපීම සඳහා නිවසෙන් පිටව ගොස් ඇති අතර, නැවත නොපැමිණීම සම්බන්ධව ඥාතීන් විසින් ඉංගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.
මරණකරු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට පොලිසිය කළ විමර්ශනයෙ දී අනාවරණය වී තිබෙනවා.



