චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේ දී පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක්වු නාවක්කුලිය, වාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පවුල් ආරවුලක් මත සැමියා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 25 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



