ප්ලාස්ටික් පුටුවක රැඳවූ ඉටිපන්දමෙන් කාන්තාවකට දිවි අහිමි වෙයි

Share

ඊයේ (16) උදෑසන කාලයේ අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් කාන්තාවක් පිලිස්සී මියගොස් ඇති බවට අයගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 79 ක්වු උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මිය ගොස් සිටි කාන්තාව අසනීප තත්වයෙන් එක් තැන්ව සිට ඇති අතර රාත්‍රී කාලයේ ඇය රැදී සිටි කාමරයේ විදුලි පහන් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක රඳවා ඉටි පන්දමක් දල්වා ඇති අතර ප්ලාස්ටික් පුටුව ගිනි ගෙන ඇය නිදා සිටි මෙට්ටයට ද ඇවිලි කාන්තාවද පිලිස්සීමෙන් මියගොස් ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News