තවත් පුද්ගල ඝාතනයක්

Share

කිරුලපන පොලිස් වසමේ හයිලෙවල් පාරේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිය දී
එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වන කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා කරදර කිරීමක් සම්බන්ධව ඇති වූ ආරවුලක් මත ඔහුගේ සහෝදරයකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News