දරුවන් අපේ සම්පතයි.
වර්තමානයේ දෙමාපියන් දරුවෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් පවුල සීමා කර ගන්නවා.
එය රටේ, ළමා හා තරුණ ජනගහණය ක්‍රමිකව අඩු වීමට ප්‍රධාන හේතුවයි.
එවන් කාලයකයි පවුලටත් රටටත් සම්පතක් වෙමින් සය දරු උපතක් අද වාර්තා වන්නේ.
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදියී මෙම සය දරු උපත සිදු ව ඇත්තේ.
විශේෂත්වය වන්නේ එම දරුවන් සය දෙනාම පිරිමි දරුවන් වීමයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



