කොකාවැව පොලිස් වසමේ දුටුවැව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් වන මවක් හා ඇගේ කුඩා දැරිය දියේ ගිලීමක් හේතුවෙන් ප්රතිකාර සඳහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුලත් කර ඇති බවත් එම අවස්ථාව වන විටත් කුඩා දැරිය මියගොස් ඇති අතර මව වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මියගිය දැරිය වයස අවුරුදු 02 මාස 05 ක් පමණ වන 12 කොටස, දුටුවැව ප්රදේශයේ පදිංචි දැරියකි.
පොලිසිය සිදුකල විමර්ශනයේ දී ඉහත ප්රදේශයේ වගා ලිදක් තුල මියගිය දැරිය පාවෙමින් තිබී ඇති බවත්, ඇයගේ මව එම ළිදෙහි තිබූ ලණුවක් ආධාරයෙන් එල්ලි සිටිය දී මොවුන් දෙදෙනාම ගෙඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුලත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



