අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ කර්මාන්ත පුරය දෙස සිට ඇඹුල්ගම ප්රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ මංතීරුවට ධාවනය වී විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටී ඊයේ (17) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ වැලිගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



