වැලිකන්ද පොලිස් වසමේ කුඩාපොකුණ රක්ෂිතය තුල දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇදුම් පැළදුම් කොටස් ඇති බවට වැලිකන්ද පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයෙන් හමුවූ කාන්තා ඇඳුම් කොටස්, අත් බෑගය, හිස්වැසුම හා කෑම පෙට්ටිය පසුගිය14 වන දින සිංහපුර වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදහන් වූ කාන්තාවකගේ බවට සැක කරන අතර අස්ථි කොටස් හදුනා ගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණ සිදුකරනු ලබනවා.



