මාරක රිය අනතුරකින් අවුරුදු 5ක දරුවෙක් මරුට

Share

නොරෝච්චෝලය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ කිලෝමීටර් 18 කණුව අසල දී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා එහි ගමන් ගත් කුඩා දරුවෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය දරුවා වයස අවුරුදු 05 ක් වූ පහළකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචි යතුරු පැදිකරුගේ පුත්‍රයාය.

Read more

Local News