තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ වෙළඳසැලක සේවකයින් පිරිසක් විෂ දුමාරයක් ආඝ්‍රාණය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා තලවකැලේ රෝහලට ඇතුලත් කර ඇති බවට තලවකැලේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අවුරුදු 20 ත් 22 අතර වයස්වල පසුවන තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
තලවකැලේ ප්‍රදේශයේ විදුලිය විසන්ධිව තිබිය දී එම වෙළඳසැලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම විදුලි ජනක යන්ත්‍රය මගින් නිකුත් වූ දුමාරය ආඝ්‍රාණය වීම මගින් එම ආයතනයේ සේවය කරන කාන්තාවන් 09 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු ක්ලාන්තය හා හිසේ කැක්කුම ඇති වීම හේතුවෙන් ලිඳුල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරළිය රෝහලට ඇතුලත් කර ඇති බව දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.



