ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට

Share

පිංදෙනිය පොලිස් වසමේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තොරණගහපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට පිංදෙනිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක්වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා නුග ගසක් කපමින් සිට ඇති අතර එම ගස බිමට පතිත වීමේදී අසල තිබු කොස් ගසක් ද මරණකරුගේ හිස මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News