සීදූව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී කාන්තාවක් දුම්රියක ගැටී බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 50 ක් වූ ලියනගේමුල්ල, සීදුව ප්රදේශයේ පදිංචිකාරියකි.
මියගිය කාන්තාව යතුරු පැදියකින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ දී කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



