අද පැය 15ක ජල කප්පාදුවක්

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

අද පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා මෙම ජල කප්පාදුව සිදු කිරිමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News