රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Share

ගුවන්තොටුපල මිනුවන්ගොඩ මාර්ගයේ ආඩිඅම්බලම මධ්‍යම බෙහෙත් ශාලාව අසල දී මිනුවන්ගොඩ දෙස සිට ගුවන්තොටුපල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් හා ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා පසු පසු අසුනේ ගමන් කල පුද්ගලයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් අවුරුදු 19 හා 25 වයස්වල පසුවන බෙම්මුල්ල හා මාකේවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News