වාද්දුවේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

වාද්දුව නගරයේ දී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දෙසටම ධාවනය වූ වෙනත් බස් රථයකට ඉස්සර කරමින් ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ දෙසටම මාර්ගයේ දකුණු පසින් ගමන් කල යතුරු පැදියක් බස් රථයේ බඳෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 52 ක් වූ පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News