කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ දෙමටගොල්ල, නොරමිකැල්ල ප්රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 12 මිලිග්රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වූ කටුවැල්ලේල්ගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.



