කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලාංකික ධීවරයින් 05දෙනෙකු නාවික හමුදා භාරයට(VIDEO)

Share

මෙරටට මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්ම රැගෙන එන්නේ මුහුදු මාර්ග හරහායි.

ඵ් අතරින් ද දකුණු මුහුදු තීරය මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වැඩි වශයෙන්ම සිදුවන මුහුදු ප්‍රදේශයක්.

මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන නාවික හමුදාව පසුගියදා මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්තා.

එම යාත්‍රාව අද කොළඹට රැගෙන ආවා.

ඒ තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 225 ට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා දින ද නාවික හමුදාව කිලෝ 212 ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදයේ දී අත්අඩංගුඩට ගෙන තිබුණා.

Read more

Local News