රිය අනතුරක් සිදුවන අවස්ථාවේ මාර්ගය අසල සිටි කාන්තාවක් මරුට

Share

කෝපායි පොලිස් වසමේ කල්වියන්කාඩු අච්චුවේලි මාර්ගයේ නීර්වේලි බටහිර ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක අච්චුවේලි සිට කවියන්කාඩු දෙසට ධාවනය කල ටිපර් රථයක් කැබ් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරුව කැබ් රථය ඉදිරියට ඇදී ගොස් මාර්ගය අයිනේ සිටි කාන්තාවකගේ ගැටී ඇති අතර බරපතල තුවාල ලැබූ කාන්තාව යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 72 ක් වූ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News