වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

නිකවැරටිය පොලිස් වසමේ තිස්සෝගෙදර ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් සිටින බවට නිකවැරටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 54ක් වු මහගිරිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු පා ගමනින් නිවස වෙත නැබඩෑව හංදිය දෙස සිට ගිරිල්ල දෙසට පැමිණෙමින් සිටිය දී මෙම වන අලියා පහරදි ඇති බවට විමර්ශනවල දී තහවුරු වී තිබෙනවා.

Read more

Local News