පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි

Share

රාමනාදපුරම් පොලිස් වසමේ මායාවනූර් ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට පොල්ලකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකුට ඝාතනය කර ඇති බවට රාමනාදපුරම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 23 ක් වන මායාවනූර්, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු කල්මඩු ප්‍රදේශයේ තාවකාලිකව බිරිඳ සහ දරුවා සමඟ පදිංචිව සිට ඇති අතර, දින කිහිපයකට පෙර බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත ඔහු තම පියා පදිංචිව සිටින මායාවනුර් ප්‍රදේශයේ නිවසට පැමිණ තිබෙනවා.

මරණකරු වෙළඳසැල වෙත ගොස් භාණ්ඩ ලබා ගනිමින් සිටිය දී ඔහුට ලැබුණු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් වෙළඳසැලෙන් පිටතට පැමිණ සිටිය දී කිසියම් පුද්ගලයෙකු විසින් මොහුට මොට ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News